ඔබේ සම කුමන වර්ගයේද?
ඔයාගේ සම මොන වර්ගයේද කියලා බලමු.
අපි මුලින්ම බලමු ඔයාගේ සම මොන වර්ගයේද කියල....


- සාමාන්‍ය සම (Normal Skin)
- වියළි සම (Dry Skin)
- තෙල් සහිත සම (Oily Skin)
- මිශ්‍ර සම (Combination Skin)
- සංවේදී සම (Sensitive Skin)
- අසාමාන්‍යතා සහිත සම (Abnormal Skin)
1. සාමාන්‍ය සම (Normal Skin)
සමේ වියළි ගතිය සහ ස්නේහශ්‍රාවී ග්‍රන්ථියේ ස්නේහය ශ්‍රාවය වීම අඩුවෙන් සිදුවන අවස්ථාවේදී වියළි සමක් ඇති වේ. තදින් ඇදුණු ස්වභාවය, ඉරි තැලී ඇති බව , කැබලි ගැලවෙන ස්වභාවයෙන් යුක්ත වීම වැනි ලක්ෂණ දක්නට ඇත. දිදුලන ස්වභාවයක් නැත. නාසය දෙපස සම ගැලවී යාමේ ස්වභාවයක් ඇත.අත්, පා වල කොරල ඇත.
3. තෙල් සහිත සම (Oily Skin)
ස්නේහශ්‍රාව් ග්‍රන්ථියෙන් ස්නේහය පිටවීම අධික වූ අවස්ථාවක මෙවැනි සමක් ඇති වේ. සම ඇල්ලු විට තෙල් ගතියෙන් යුක්තයි. සමේ තෙල් ග්‍රන්ථි සම මතුපිට තැන්පත් වීම නිසා කළු ලප, , බිබිළි, සහ කුරුලෑ බොහෝ දුරට ඇත. කුරුලෑ වලින් ඇතිවන ලප කැළැල් බොහෝ විට දක්නට ඇත. සමේ නළල, කම්මුල් දෙපස, නිකට සහ පිට ප්‍රදේශයේ තෙල් සහිත බව නිසා බිබිලි සහිත කුරුලෑ හට ගනී.
4. මිශ්‍ර සම (Combination Skin)
වඩාත් බහුලව දක්නට ලැබෙන සම වේ. එක් තැනක වියළි සහ තවත් තැනක සාමාන්‍ය සහ තවත් තැනක තෙල් සහිත වීමද මෙහි ස්වභාවයයි. බහුල වශයෙන් T Zone ප්‍රදේශය තෙල් අධික වන අතර කම්මුල් දෙපස වියළි වෙයි. තෙල් බහුල තැන්වල කළු හෝ සුදු ලප දක්නට ලැබේ.
5. සංවේදී සම (Sensitive Skin)
මෙය බිබිළි සහිත රතු වී ඇති ස්වභාවයක් පෙන්වයි. බොහෝ ඉක්මණින් ආසාත්මික තත්ත්වයට පත්වෙයි.
6. අසාමාන්‍යතා සහිත සම (Abnormal Skin)
සම දුර්වර්ණ වී අළුහම්, ඉන්නන්, දද, පිග්මන්ටේෂන්, වැනි අවස්ථා බහුලව ඇති මෙම සමෙහි දුර්වර්ණතා බොහෝ ඇත.
oyata skin eka gana pothak unath liyanna puluwan. ikmanata liyala publish karanna mama oyata udaw karannam. but, ekata nam oyata one year withara yaawi wage................😉😏😄😊😋
ReplyDelete