අකලට හිසකෙස් පැසීම වළක්වා ගනිමු.
අකලට හිසකෙස් පැසීම වළක්වා ගැනීමට ස්වභාවික ප්‍රතිකර්ම.
හිසකෙස් සම්බන්දයෙන් හැමෝටම පුංචි හරි ගැටළුවක් තියෙනවා කියන එක රහසක් නෙමේ. අකලට හිසකෙස් පැසීම ගොඩක් කාන්තාවන්ට තියෙන ලොකු ගැටළුවක්. ඔයාටත් මේ ගැටලුවට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා නම් උත්සාහ කරොත් මේ ගැටලුව විසඳගන්න පුළුවන්.
අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ගැටලුවෙන් මිදෙන්න ක්‍රමයක්. මේ ක්‍රමේ ඔයාට ගෙදරදී පහසුවෙන් හදාගන්න පුළුවන්. හිසකෙස් යන්තම් සුදුවී තිබෙන කෙනෙක්ට නම් මේ ක්‍රමය අනුගමනය කරලා ඉතා ඉක්මනින් මෙයින් වැළකෙන්න පුළුවන්.
උත්සහ කරලා බලන්නකො.
1.ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය:-
- ගොටුකොළ ස්වල්පයක්
- මුකුණුවැන්න ස්වල්පයක්
- නැටිත් සමඟ කරපිංචා ස්වල්පයක්
- හිසට දමන පොල් තෙල්, තැඹිලි තෙල් හෝ ඔලිව් තෙල් අවශ්‍ය පමණ
සාදන ක්‍රමය:-
ගො ටුකොළ, මුකුණුවැන්න, කරපිංචා එක සමාන ප්‍රමාණවලින් ගෙන ඉතා සිහින්ව අඹරා ගන්න. ඔබ හිසට දැමීම සඳහා ගන්නා තෙල් වර්ගයක් සමඟ අඹරා ගත් මිශ්‍රණය රත් කරගන්න. මේ මිශ්‍රණය මදක් නිවුණු පසු ඔබේ හිසකෙස් අතර හොඳින් තවරන්න. දිනක් පමණ තබා ඉන්පසු නාන්න. සබන් පාවිච්චි කරන්න එපා. අඩුම තරමින් සතියකට එක් දිනක්වත් මෙම ප්‍රතිකාරය නොකඩවා මාස තුනක් පමණ අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
මෙම ක්‍රමය අනුගමනය කරන විට කිසිවිටෙකත් ඩයි කිරීම සඳහා ඩයි වර්ග පාවිච්චි කරන්න එපා. නිවැරදිව මෙය අනුගමනය කරොත් දිගු කාලීන කළු පැහැයක් හිසකෙස් වලට ලබාගන්න පුළුවන්.
2.ක්‍රමය
යබර, නෙල්ලි, වද මල් කැකුළු එකට අඹරා හිස ගල්වා නාන්න.
3.ක්‍රමය
නෙල්ලි සහ අඹ ඇට මද ඇල් වතුරෙන් අඹරා හිස ගලවන්න.
Comments
Post a Comment